මූලිකවම නීතිය යනු ,ප්‍රජාවක් පාලනය කරන රීති පද්ධයකි.නීතියට මිනිස් ප්‍රජාව තුල සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත. නීතිය මෙකී විශේෂ ස්ථානය හිමිකරගෙන ඇත්තේ එය බිහි වී ඇති ආකාරය නිසාය. නීතිය බිහිවී ඇත්තේ පාර්ලිමේන්තුව තුලින් වීම වැදගත්ම කරුණයි. තමන් වෙනුවෙන් පාලනය ගෙන යාම සඳහා ජනතාවගේ බහුතරය විසින් තෝරා පත් කර ගනු ලබන නියෝජිතයන්ගෙන් පාර්ලිමේන්තුව සමන්විත වේ. මේ අනුව පාර්ලිමේන්තුව තුල විද්‍යමාන වන්නේ ජනතා නියෝජනයයි. නීතියේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ නීතියේ ඇති නිසි ක්‍රියා දාමයයි. නීතියේ ඇති නිසි ක්‍රියාදාමය මුලික ලක්ෂණ තුනකින් සමන්විත වේ.
- නඩු කටයුතු වල විවෘත භාවය.
- සෑමපාර්ශවයකටමකරුණුකියාපෑමටඇතිඅයිතිය.
- විනිශ්චයකාරවරයා පක්ෂපාතී නොවීම.
නීතියේ ශාඛා
මූලිකවම නීතිය කොටස් කීපයකට වර්ග කල හැකිය,- අපරාධ නීතිය හා සිවිල් නීතිය. මෙහිදී සිවිල් නීතිය කොටස් කීපයකි,
- දේපල නීතිය
- ගිවිසුමි නීතිය
- වාණිජ නීතිය
- සිවිල් වරද නීතිය
- පවුල් නීතිය
- කම්කරු නීතිය
2. මහජන නීතිය හා පුද්ගල නීතිය.මෙහිදී මහජන නීතිය යටතට,
- අපරාධ නීතිය
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
- පරිපාලන නීතිය මූලාශ්‍ර : නීති ප්‍රවේශ මූලාශ්‍ර ග්‍රන්ථය
No comments:
Post a Comment